තිරිඟු පිටි ආනයන බද්ද ඉහළ යන ලකුණු

තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ.
මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.
තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල්16 සිට රුපියල් 27 දක්වාත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව එහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවයි.
318 Views
Comments