මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනියම් පෙමට ලොල් වූ නිළියකට සී.අයි.ඩී දොර ඇරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනියම් පෙමට ලොල් වූ නිළියකට සී.අයි.ඩී දොර ඇරෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනියම් පෙමට ලොල් වූ  නිළියකට සී.අයි.ඩී  දොර ඇරෙයි

හයිබ්‍රිඩ් සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුගේ  අනියම් බිරියක ලෙසින් සිටින බව කියන ජනප්‍රිය නිළියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා කැඳවීමක් කර ඇත.

 

මෙම සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ඇයට මිලදී ගෙන දුන් නිවසක් සම්බන්ධ විමර්ශනයකටය.

 

පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඇයට මෙම කැඳවීම සිදු කලද එම නිළිය නොපැමිණීම නිසා යළිත් මෙම සතියේ පැමිණෙන ලෙස දන්වා තිබේ.

 

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ බ්ලුමැන්ඩල්හිදී පෙළපාළියකට වෙඩි තැබීමේ සිද්ධියකට හයිබ්‍රිඩ් සුද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම නිළිය සමග දකුණු පළාතේ නිවසක සැඟව සිටියදීය.

views

226 Views

Comments

arrow-up