නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් - ඇමතිධූරයකත් දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් - ඇමතිධූරයකත් දිවුරුම් දෙයි

නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් - ඇමතිධූරයකත් දිවුරුම් දෙයි

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද(02) නැවතත් දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 

නිමල් සිරිපාල ද සිල්වාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (02) උදේ පැමිණෙන ලෙස ඊයේ (01) දැනුම්දීමක්ද කර තිබිණි.

 

අමාත්‍යවරයෙකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට අවස්ථාව උදාකරදීමේ අරමුණින් නිමල් සිරිපාලද සිල්වා එම අමාත්‍යධුරයෙන් පසුගිය මස 06 වැනිදා ඉල්ලා අස්විය.

 

එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායකට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

 

ඔහුට අමාත්‍ය ධුරය නැවත පිරිනැමෙන්නේ ඒ අනුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළ නමුත් තනතුරෙන් ඉවත්වීම නිසා එම කටයුත්ත සිදු නොවීය.

 

පසුව නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

views

292 Views

Comments

arrow-up