බිලින්දෙකු ඝාතනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

බිලින්දෙකු ඝාතනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට

බිලින්දෙකු ඝාතනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට

දරු ප්‍රසූතියෙන් පසුව බිළිඳු දරුවකු මරණයට පත්කර මළ සිරුර ළිඳකට දැමීමේ සිද්ධියකට අදාළව වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2017 වසරේ උඩුමහල පාර මඩකලපුව ප්‍රදේශයේ පිරිමි දරුවෙකුගේ බිලිඳු මළසිරුරක් ලිඳක් තුළින් හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ විමර්ශනයකින් අනතුරුවයි මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ.

2017 වසරේ දී සැකකාර වෛද්‍යවරයා තම බිරිඳ සමග කුලී පදනම මත අදාළ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසේ දී ප්‍රසූත කරන ලද බිළිඳෙකු හුස්ම හිර කර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ.

අදාල වෛද්‍යවරයා සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ අයෙක්.

views

272 Views

Comments

arrow-up