ඔරුගොඩවත්තේ මනුෂ්‍ය ඝාතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ඔරුගොඩවත්තේ මනුෂ්‍ය ඝාතනයක්

ඔරුගොඩවත්තේ මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ(25) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අදාළ මරණකරු බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා කුරුණියාවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

views

256 Views

Comments

arrow-up