කොණ්ඩගල කන්දෙන් පැන්න රුසියානුවගේ පැරෂුටය ගුවනේදී අක්‍රීය වී බිම වැටී බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

කොණ්ඩගල කන්දෙන් පැන්න රුසියානුවගේ පැරෂුටය ගුවනේදී අක්‍රීය වී බිම වැටී බරපතලයි

කොණ්ඩගල කන්දෙන් පැන්න රුසියානුවගේ පැරෂුටය ගුවනේදී අක්‍රීය වී බිම වැටී බරපතලයි

දෙල්තොට, ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුනින් පැරෂුටයකින් පැන්න රුසියන් ජාතිකයෙකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම හේතුවෙන් බිම වැටී බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහලට ඇතුල් කළ බව පොලිසිය කියයි.

 

බොහෝ විදේශිකයන් මෙම කදු මුදුනෙන් පැරෂුටයෙන් ගමන් කිරීම ජනප්‍රිය අංගයක් වී ඇති අතර ඊයේ(12) සවස තුනට පමණ මෙම රුසියන් ජාතිකයා කොණ්ඩගල මතින් පැරෂුටයෙන් පැන තිබේ. 

 

එය ඉහළ අහසේදී අක්‍රීය වී එක්වරම කඩා වැටී ඇති අතර එසේ වැටුනු පැරෂුටය ගසක අත්තක රැදී එම අත්තද සමඟ නැවත කඩා වැටී තිබුණි.

 

සිද්ධීය දුටු ප්‍රදේශවාසින් 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

 

අනතුරෙන් ඔහුගේ කොන්දට හා පාද වලට බරපතල තුවාල සිදුවී තිබේ. 

views

9011 Views

Comments

arrow-up