එළකිරි නිෂ්පාදනය පහළ වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

එළකිරි නිෂ්පාදනය පහළ වැටේ

එළකිරි නිෂ්පාදනය පහළ වැටේ

මෙරට දෛනික එළකිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 12ක් වුවද දිනකට නිෂ්පාදනය වන ප්‍රමාණය ලීටර් ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

 

 

නිසි සත්ව පෝෂණය නොමැතිකම, සත්ව ආහාර සඳහා අධික මිලක් වැ‍යවීම ආදී විවිධ කරුණු නිසා දෛනික කිරි නිෂ්පාදනය අඩු වී ඇත.

 

 

කෙසේ නමුත්  රජයට අයත් ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් වන මිල්කෝ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා පුද්ගලික අංශය සතු පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සමග පැවැති සාකච්ඡාවකදී කියා සීටියේ ඉකුත් වසරට (2022) සාපේක්ෂව මේ වසරේ කිරි නිෂ්පාදනයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

 

 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පසුගිය මාස හය තුළ එළකිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වාත් මිල්කෝ සමාගම කිරි ලීටර් 19,152,766 දක්වාත් වැඩිකර තිබේ.

views

323 Views

Comments

arrow-up