දේව මෑණි ප්‍රතිමාවේ ලක්‍ෂ 30ක රන් ආභරණ උස්සලා

යාපනය, වඩමරච්චි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයේ දේව මෑණියන්ගේ ප්‍රතිමාවට පළඳවා තිබූ රන් මාල හා ආභරණ පෙරේදා(17) රාත්‍රීයේ සොරකම් කොට ඇත.
පසුගිය 14 හා 15 යන දිනවලදී මෙම දේවස්ථානයේ දේව මෑණියන්ගේ වාර්ෂික මංගල්ලය පවත්වා තිබෙන අතර ඊට සහභාගී වූ කිසියම් පිරිසක් රන් ආභරණ පිළිබඳව විමසිල්ලෙන් සිට ඒවා පැහැර ගන්නට ඇතැයි මරදන්කේණී පොලිසිය සැක කරයි.
දේවස්ථානයේ පාලක පියතුමා සිද්ධිය පිළිබඳව මරදන්කේණී පොලිසියට පැමිණිලි කොට ඇති අතර සොරා ගන්නා ලද රන්මාල හා ආභරණවල වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වන බවට ගණන් බලා ඇත.
මරදන්කේණී පොලිසිය සොරකම පිළිබඳ පරීක්ෂණ අරඹා තිබේ.
297 Views
Comments