පැහැරගෙන ගිය 14 හැවිරිදි දැරිය පොලිස් විශේෂ කාර්ය බලකාය මුදාගනී

ලුණුගල ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි 14 හැවිරිදි දැරියක් මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් විය.
පසුගිය 03 වන දා දැරියක පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග ලුණුගල පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව පස්සර සහ ලුණුගල කඳවුරුවල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.
එහි දී පැහැරගත් දැරිය සහ එම දැරිය පැහැර ගැනීම සිදුකළ සැකකරුවන් දෙදෙනා ලුණුගල උඩකිරුව රක්ෂිතය තුළ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිවිය.
අත්අඩංගුවට ගත් පැහැර ගැනීම සිදුකළ දෙදෙනා ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි සහ 53 හැවිරිදි වියේ පසුවූන පුද්ගලයන් වන අතර ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා ලුණුගල පොලීසිය වෙත භාරදී ඇත.
පැහැරගැනීමට ලක්වූ දැරිය මේ වන විට ලුණුගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
459 Views
Comments