බස් සංගම් කිහියක් වැඩ වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

බස් සංගම් කිහියක් වැඩ වර්ජනයක

බස් සංගම් කිහියක් වැඩ වර්ජනයක

බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

මෙම වැඩ වර්ජනය ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

 

ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති පසුබිමක ගාස්තු සංශෝධනයක් සිදු කිරීම සඳහා රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් දිවයිනේ මාර්ග කිහිපයක බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා බස් හිමියන්ගේ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කරයි.

 

බස් රථ ධාවනයෙන් ඉවත්වීමට ගෙන් ඇති තීරණයේ වගකීම ප්‍රවාහන අමාත්‍යවරයා විසින් භාරගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

views

260 Views

Comments

arrow-up