හදිසි නීතිය පිළිබඳ ගැටීමක් නැහැ - සාගර කාරියවසම්

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර කිසිදු ගැටුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටිනවා.
ආර්ථික අර්බුදය තුළින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිය පක්ෂය හා ආණ්ඩුව තුලද කුමන්ත්‍රණ දියත් වූ බව ඊයේ(28) පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිතුමා ශ්‍රී ලංකාවට පැමිණෙනවා දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ එතුමා ශ්‍රී ලාංකිකයෙක් බවත් ශ්‍රී ලංකාවට පැමිණීමට අයිතියක් ඇති බවත් ය.
229 Views
Comments