ලෝක ආහාර ප්‍රධානියා මෙරට සංචාරයක?

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේ මෙරට සිදු කිරීමට නියමිත සංචාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටිනවා.
අභිනව ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට ඔහු සිය සුබපැතුම් එක්කර තිබෙන අතර ඔහු මෙම ශ්‍රී ලංකා සංචාරය සිදු කරන්නේද ජනපතිතුමාගේ ආරාධනයක් අනුවයි.
තවද පොහොර සහ කෘෂිකාර්මික යෙදවුම් මෙන්ම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ කරුණු පිළිබඳවද ඔහු මහින්ද සමරසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
236 Views
Comments