JUL
15
කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවේ පවතින තත්වය හමුවේ රාජ්‍ය සහ නායකත්වය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරන බව ඉන්දියාව ප්‍රකාශ කර සිටිනවා.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බගීශ් ඊයේ පැවති සතිපතා මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය සහයෝගය ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.
361 Views
Comments