උසස් පෙල ප්‍රතිඑල ලබන මාසයේදී?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

උසස් පෙල ප්‍රතිඑල ලබන මාසයේදී?

උසස් පෙල ප්‍රතිඑල ලබන මාසයේදී?

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මස මැද වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ප්‍රතිඵල ප්‍රමාද වී ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

එසේම මෙම වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් 28 වන දින ආරම්භ වන බවත් එය දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා අයදුම්පත් කැඳවීම මෙම  ජූලි 18 වනදා ආරම්භ කෙරෙන අතර අගෝස්තු 19 වනදා අවසන් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

එසේම මෙම වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත බව ද කොමසාරිස්වරයා පවසා සිටියා.

views

275 Views

Comments

arrow-up