ඡන්දවලට පෙර ජනතා ගැටළු විසඳන්න - මැතිවරණ කොමිසම

පවතින ආර්ථික තත්ත්ව හමුවේ මැතිවරණයක් පැවැත්වීමට පෙර ජනතාව මුහුණදී ඇති ගැටළු පිළිබඳව අවධානය යොමුකර ඒ සඳහා පියවර ගත යුතු බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ(29) නව මැතිවරණ ක්‍රමය පිළිබඳ සැකසූ යෝජනාවලිය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සහ එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නායක යන මහත්වරුන් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියා.
244 Views
Comments