ලංගම හරහා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට අවශ්‍යයි - ශ්‍රේෂ්ඨාධිකරණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

ලංගම හරහා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට අවශ්‍යයි - ශ්‍රේෂ්ඨාධිකරණය

ලංගම හරහා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට අවශ්‍යයි - ශ්‍රේෂ්ඨාධිකරණය

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා මේ බව පෙන්වා දී ඇත.

 

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුලු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ගොනු කර තිබේ.

 

එම පෙත්සම් විජිත් මලල්ගොඩ සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (05) කැඳවනු ලැබීය.

 

මෙම අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩිදුර යෝජනා අඩංගු දිවුරුම් ප්‍රකාශයක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් වැඩිදුර සලකා බැලීම අගෝස්තු මස 31 දා දක්වා කල් තැබුණි.

 

views

317 Views

Comments

arrow-up