JUL
29
කොළඹ පාපැදිකරුවන්ට වෙනම මංතීරු

කොළඹ මහ නගර සභාව මඟින් පාපැදිකරුවන් සඳහා වෙනම මංතීරුවක් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (29) සිට ආරම්භ විය.
ඉන්ධන අර්බුදය හමුවේ පාපැදි භාවිතය ඉහළ යෑමත් සමඟ මෙම පියවර ගැනීමට කටයුතු කර ඇත.
අද පෙරවරු 11ට බැංකු මාවත ඉදිරිපිටින් මෙය අරඹා තිබේ. ඒ අනුව බැංකු මාවතේ පා පැදි සඳහා මං තීරු වෙන් කිරීමත්, පා පැදි රඳවා තැබීමට ස්ථානයන් වෙන්කිරීමත් සිදුකර ඇත.
මීට අමතරව කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ ද අද පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීම ඇරඹේ.
234 Views
Comments