විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.

 

එහිදී එම ධීවරයින් පැමිණි ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන  තිබේ.


 
මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද එම ධීවර යාත්‍රාවන් තුළ නීතී විරෝධී ධීවර ආම්පන්න සමග එම පන්න ක්‍රමය භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින් ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

views

709 Views

Comments

arrow-up