"ආමි මල්ලි" නිවාඩුවට හොරකමේ ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

"ආමි මල්ලි" නිවාඩුවට හොරකමේ ගිහින්

"ආමි මල්ලි" නිවාඩුවට හොරකමේ ගිහින්

ගාල්ල, බූස්ස යුද හමුදා කඳවුරේ රාජකාරී කරන හමුදා සෙබළකු නිවාඩුවට පැමිණ ගෙවල් බිදුම් සිදුකරමින් සිටියදී පෙරේදා (9) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

 

 

සැකකරු කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ආමි මල්ලී නමින් හඳුන් වන 43 හැවිරිදි පුද්ගලයකු වන අතර නිවාඩු ලබා පැමිණ ගෙවල් බිදුම් සිදුකර ඇති බවත්, නිවාඩු අවසන් වී නියමිත දිනට සේවයට වාර්තා කර නොමැති බවත් සඳහන් වේ.

 

 

කළුතර නිවාසයක සොරකමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කිරීමෙන් පසු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ගමන් මල්ලක බහා අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී කළුතර දකුණා පොලීසිය ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

 

 

සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිමෙන් පසු ලැප්ටොප් පරිගණක දෙකක්, ජංගම දුරකථනයක්, පෙන්ඩ්‍රයිව් දෙකක් ඇතුළු භාණ්ඩ සොයාගත් බවත්, තවත් භාණ්ඩ රැසක්සොයා පරීක්‍ෂණ කරන බවත් පොලිසිය කීය. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිර්පත් කිරීමට නියමිතව ඇත.

views

202 Views

Comments

arrow-up