සුනඛයන් තැන තැන දමා යන පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

සුනඛයන් විශාල පිරිසක් කුඩා ලොරි රථයක දමා ගෙන තැන තැන දමා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් බණ්ඩාරගම වෑවිට මස්විල ප්‍රදේශයේ දී ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත.
සැකකරුවන් විසින් බණ්ඩාරගම ගොරොක්ගස් හන්දිය ප්‍රදේශයේ දී ලොරි රථය නවත්වා සුනඛයෙකු එළියට දමා තිබේ.
මෙය දුටු ලොරි රථය පිටුපසින් ගමන් ගත් යතුරුපැදිකරුවෙකු ලොරි රථය පසුපස හඹාගොස් ලොරි රථය ඉදිරියෙන් යතුරුපැදිය නවතා ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත.
එහි දී ප්‍රදේශවාසීන් විසින් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් අල්ලා ගෙන පොලීසියට බාර දී තිබේ.
ලොරි රථය විවෘත කර බැලීමේ දී එහි සුනඛයන් 15කට ආසන්න ප්‍රමාණයක් සිටින බවට නිරීක්ෂණය වී ඇත.
එම සුනඛයන් අතර මීට දින කිහිපයකට පෙර ඉපදුනු සුනඛ පැටවුන් 05 දෙනෙකු පමණ ද සිටින බව වාර්තා වේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිදරව් වී ඇත්තේ පරගස්තොට කර්මාන්තශාලාවක සිට මෙම සුනඛයන් රැගෙන ආ බවයි.
ඉහළ නිලධාරියෙකුගේ උපදෙස් මත සුනඛයන් තැන තැන යන බව සැකකරුවන් ප්‍රකාශ කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැළියගොඩ සහ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
270 Views
Comments