ජූලි මාසයේ පමණක් මෙරටින් කොරෝනා මරණ 30ක්

රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.
කොවිඩ් මරණවල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව එම එන්නත ලබාගත හැකි ජනතාවගෙන් සියයට පනහක පමණ පිරිසක් මෙතෙක් ලබා ගෙන නැතැයි සඳහන් කළ හම්දානි මහතා වයස 60ට වැඩි ලක්ෂ 10 ක පමණ පිරිසක්ද එම මාත්‍රාව ලබා ගෙන නැති බවද පැවසීය.
ඇතැම් පිරිස් පළමු මාත්‍රාව පවා ලබාගෙන නැති බව වෛද්‍යවරයා සඳහන් කළේය.
දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව උණ පවතින්නේ නම් පාසල් යැවීමෙන් වළකින ලෙස ඔහු මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
228 Views
Comments