පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගත් කුරුණෑගල පාසල් සිසුන් වරද පිළිගනී.

උපන් දින සාදයකදී සිය පෙම්වතියගේ නිරුවත් සේයාරූ මිතුරන් කිහිපදෙනකු අතර හුවමාරු කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් 6 දෙනකු ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළේය.
කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් 6 දෙනෙක් මෙසේ ඇප මත මුදාහරිනු ලැබූහ.
සැකකාර සිසුන් අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගන්නා බව පවසා ඇත. අදාළ අසභ්‍ය දර්ශන තව අය වෙත මුදා හැරියේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
පෙම්වතා යැයි පැවසෙන සැකකාර සිසුවා සම වයසේ පාසල් ශිෂ්‍යාවක සමඟ ඇසුරක් පවත්වා, ඇය සමග වූ විරසකයක් මත මේ අසභ්‍ය දර්ශන සිය උපන්දින සාදයේදී මිතුරන් අතර මෙසේ හුවමාරු කරගෙන තිබේ.
345 Views
Comments