JAN
15
වී මෝල් 10ක් මසකට වැසේ

මසකට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 10ක් පමණ වැසී යමින් පවතින බව එක්සත් සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
පසුගිය වසර කිහිපයේ බැංකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වීම සහ බැංකු පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්වල දේපල වෙන්දේසි වන තත්ත්වයක් දක්නට ලැබෙන බව එහි සභාපති මුදිත පෙරේරා මහතා පවසයි.
එසේ ම තම කර්මාන්තය රැකගැනීම සඳහා රජයේ මැදිහත්වීම අපේක්ෂා කරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා පවසයි.
244 Views
Comments