ඇඟලුම් කර්මාන්තය අනතුරේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් ප්‍රකාශ කර සිටිනවා.
මෙරට වාර්ෂික අපනයන ආදායමෙන් සියයට හතළිහක් ලැබෙන්නේ ඇගළුම් ක්ෂේත්‍රයෙන් වන අතර වාර්ෂික දල දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් සපුරා ගන්නේ ද මෙම ක්ෂේත්‍රය හරහායි.
කෙසේ නමුත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ආනයනය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් මතුවී තිබෙනවා.
ඇඟලුම් කම්හල් වලට සේවකයින් ප්‍රවාහනය කිරීමේදී මෙන්ම ඇඟලුම් නිෂ්පාදන කලට වේලාවට විදෙස්ගත කිරීම සඳහා ද ඉන්ධන අර්බුදය මගින් ගැටලු ඇති කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවත් මෙරට විදේශ විනිමය උපයා දෙන ඇගලුම් ක්ෂේත්‍රයේ පහසුකම් සපයා දී මෙරට ආර්ථිකය ස්ථීර ව පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි ක්ෂේත්‍රයේ නියුතු පිරිස් පවසා සිටින්නේ.
335 Views
Comments