හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතාට බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

 

ඒ අනුව ඔහු අද (20) උදෑසන පොලීසිය හමුවට පැමිණීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

පසුගිය දා හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් 'අංක 10' මුද්‍රිත ටී ෂර්ට් පැලඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණි.

 

මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත්වූ වූ ඔහුට හිමිවූයේ මනාප 9,371කි.

views

156 Views

Comments

arrow-up