මාරක රිය අනතුරින් තුනක් මරුට - 17ක් රෝහලේ, තවත් බසයක් නූලෙන් බේරිලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

මාරක රිය අනතුරින් තුනක් මරුට - 17ක් රෝහලේ, තවත් බසයක් නූලෙන් බේරිලා

මාරක රිය අනතුරින් තුනක් මරුට - 17ක් රෝහලේ, තවත් බසයක් නූලෙන් බේරිලා

යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් ඊයේ(05) අලුයම වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලී යාම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 03 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

 

යාපනය සිට අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් කොළඹ දෙසට එකට ධාවනය වී ඇති අතර එහිදී මුලින් ධාවනය වූ බස් රථය නොච්චිමොට්ටෙයි පාලම මතදී පාලමේ ගැටීමෙන් බස්රථය පෙරලී ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

 

එමෙන්ම පසුපසින් පැමිණි බස්රථයද ඉදිරියෙන් ගිය බස්රථය පෙරලී යාම හේතුවෙන් රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මාර්ගයෙන් කැලෑබද ප්‍රදේශයට ධාවනය කොට අනතුර වලක්වා ගැනීමට සමත්ව ඇතැයිද එහි ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටද පොලීසිය පැවසීය.

 

ඉදිරියෙන් ගිය බස්රථයේ රියදුරුට නින්ද යාම හෝ අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පාලමේ ගැටී පෙරලී ගොස් ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.

 

අනතුර හේතුවෙන් පෙරලී ගිය බස්රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර මගීන් 17 දෙනෙකුගෙන් පිරිමි 08 ක් සහ කාන්තාවන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

 

මිය ගිය පිරිස් අවුරුදු 23 සහ 32 අතර වයස්හි පසුවන යාපනය වැල්වැටිතුරෙයි සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවටත් තුවාල කරුවන් වහාම වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

views

196 Views

Comments

arrow-up