ජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමංකරලා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

ජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමංකරලා

ජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමංකරලා

 

ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර් බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනය මුදල් වැයකරනවාද යන  ආර් ථික ප්‍රශ්නවල ශ්‍රී ලාංකිකයන් අතරමං කර ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ  සමිති සම්මේලනය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

 

දිස්ත්‍රික්ක 11 ක පවුල් 2900 ක් ආශ්‍රයෙන් සිදුකළ මෙම සමීක්ෂණයේදී පවුල් 2900 න් සියයට 95 කට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ ආර්ථික අර් බුදය කුමන හෝ අයුරකින් බලපා ඇතැයි හෙළි වූ බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය. 

 

උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට එල්ල වී ඇති බලපෑම් අතර ආහාර අනාරක්ෂිතභාවය, සෞඛ්‍යය පිළිබඳ ගැටළු , ජීවනෝපාය සහ පෝෂණය සම්බන්ධ ගැටළු ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.

views

200 Views

Comments

arrow-up