OCT
07
ආන්දෝලනයට තුඩ දුන් ගල් අඟුරු ටෙන්ඩරය කෝප් කමිටුවටත්

ආන්දෝලනයට තුඩ දුන් ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊට අදාල පාර්ශවයන් කැඳවීමට කෝප් කමිටුව ඊයේ (07) රැස්වූ අවස්ථාවේ දී තීරණය කර තිබේ.
එසේම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටුව ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික හැකියාව සම්බන්ධයෙන් ද ඊයේ (07) පැවති කෝප් කමිටු රැස්වීමේ දී එහි සාමාජිකයන්ගේ අවධානයට ලක්ව තිබේ.
කෝප් කමිටුවේ නව සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා තේරී පත්වීමෙන් පසුව රැස්වූ පළමු කෝප් කමිටු රැස්වීම මෙයයි.
206 Views
Comments