සිසුවියට කොසු මිටෙන් පහරදුන් විදුහල්පතිට වුණ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

සිසුවියට කොසු මිටෙන් පහරදුන් විදුහල්පතිට වුණ දේ

සිසුවියට කොසු මිටෙන් පහරදුන් විදුහල්පතිට වුණ දේ

10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට කොසු මිටකින් පහර දුන් බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් කොටගල පතන බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාව නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරු යවා තිබේ.

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් සිද්ධිය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

 

එම පරීක්ෂණය පැවැත්වෙන නිසා විදුහල්පතිවරයාව තාවකාලික නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරු යවා තිබේ.

 

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවිය දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විටත් ඇය එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

 

 

views

271 Views

Comments

arrow-up