සුදු වෑන් නඩුවේ දෙවන සාක්ෂිකරු පැහැරගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

සුදු වෑන් නඩුවේ දෙවන සාක්ෂිකරු පැහැරගෙන යයි

සුදු වෑන් නඩුවේ දෙවන සාක්ෂිකරු පැහැරගෙන යයි

සුදු වෑන් නඩුවේ රජයේ දෙවනි සාක්ෂිකරු වන අතුල සංජීව මදනායක නැමැත්තා  පසුගිය 05 වනදා කැලණිය පෙතියාගොඩ පිහිටි ඔහුගේ නිවස අසල දී කිසියම් පිරිසක් විසින් පහර දී දෑස් බැඳ වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණි.

 

පසුව එම වෑන් රථය බියගම පට්ටිය හංදිය ප්‍රදේශයේ පැය 02කට ආසන්න කාලයක් නවත්වාගෙන සිට පසුව එම ස්ථානයේ දී ඔහුව වෑන් රථයෙන් පිටතට ඇද දමා වෑන් රථය පලා ගොස් ඇත.

 

එම සිදුවීම අසල තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

 

එම සිදුවීමෙන් තුවාල ලැබූ මදනායක මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

 

views

273 Views

Comments

arrow-up