සෙල්ලම් පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

 

අද පැවති හම්බන්තොට මහනගර සභා මාසික රැස්වීමට එක්වෙමින් සභාව අමතමින් ඔහු මේ බව දැනුම් දුන්නා.

 

කෙසේ වෙතත්, දේශපාලනයෙන් තමන් ඉවත් නො වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

 

2010 වසරේ සිට මේ දක්වා එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළා.

 

ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලූණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් පසුගිය ජනවාරි 11 වැනිදා මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබුවා.

 

එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේ හම්බන්තොට වරායේ සහ මත්තල ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ එවක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම හමුවේ ප්‍රසිද්ධියට පත්වුණා.


Sorce :- newsradio,.lk

views

766 Views

Comments

arrow-up