තෙල් නැව දෙකක් ගොඩබෑම අද
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

තෙල් නැව දෙකක් ගොඩබෑම අද

තෙල් නැව දෙකක් ගොඩබෑම අද

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අද(16) දිනයේ ගොඩබෑම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ගොඩබෑමේ කටයුතු හෙට(17) පෙරවරුවේ අවසන් වන බව ද එතුමා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබුණා.

එසේම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නෞකාවකට මුදල් ගෙවීමේ කටයුතු අවසන් කර නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා. 

views

206 Views

Comments

arrow-up