ගැසට්ටුව පරක්කුයි - රසායනික පොහොර ආනයනය කොට උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

ගැසට්ටුව පරක්කුයි - රසායනික පොහොර ආනයනය කොට උඩ

ගැසට්ටුව පරක්කුයි - රසායනික පොහොර ආනයනය කොට උඩ

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදෙන බවට පැවසූවද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන තෙක් නිකුත් වී නොමැත.

 

මේ හේතුවෙන් පෞද්ගලික පොහොර ආනයනකරුවන් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.

 

රජය වෙත රසායනික පොහොර ආනයනයට අවසර ලබා දුන්නද ගොවිතැන් සදහා යොදා ගන්නා  MOP පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදී නොමැත.

 

අනෙකුත් පොහොර ආනයනය කිරීමට ද අවසර ලබාදී ඇත්තේ යම් සීමා වලට යටත්ව ය.

 

කෙසේ වෙතත් මීට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් වීමට නියමිතයි.

views

818 Views

Comments

arrow-up