තන්තිරිමලේ පොලිසියේ නැතිවූ ගිනි අවියක් සම්බන්ධයෙන් උසාවියෙන් දැඩි ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

තන්තිරිමලේ පොලිසියේ නැතිවූ ගිනි අවියක් සම්බන්ධයෙන් උසාවියෙන් දැඩි ප්‍රකාශයක්

තන්තිරිමලේ පොලිසියේ නැතිවූ ගිනි අවියක් සම්බන්ධයෙන් උසාවියෙන් දැඩි ප්‍රකාශයක්

තන්තිරිමලේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ T - 56 ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය පොලිසියට සරල කරුණක් විය හැකි නමුත් අධිකරණයට එය බරපතල බව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කොට ඇත.

 

 

ඇය මේ බව කියා සිටියේ, අද කැඳවූ ගිනි අවිය පැහැර ගැනීමේ සිද්ධියට අදාල නඩුවේදී උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රහස් පොලිසියේ නිලධාරීන් අමතමිනි.

 

 

එම ගිනිඅවිය වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබීම වඩාත් බරපතල තත්ත්වයක් බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

මෙම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් සැකකරු ඇප මත මුදාහැරීම නැවත වතාවක් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර ඇත.

views

278 Views

Comments

arrow-up