APR
17
දුම්රිය ගමන් වාර රැසක් අදත් අවලංගුයි

අද (17) දිනයේ මේ දක්වා දුම්රිය ගමන් වාර 05 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පවසා සිටී.
ඊයේ දිනයේ දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 30 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
එහෙත් දුම්රිය අතිරේක සාමාන්‍ය අධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා කියා සිටියේ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් පමණක් අවලංගු කළ බවයි.
264 Views
Comments