උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම වෙනස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම වෙනස් කෙරේ

උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම වෙනස් කෙරේ

කොවිඩ් වසංගත පැතිර යාමත් සමග පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම නිසා ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ යම් සංශෝධනයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

 

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න පත්‍ර සැකසීම සංශෝධනය කෙරෙනු ඇති.

 

මේ පිළිබඳ අදහස් දක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් M.L.D. ධර්මසේන මහතා

 

"පාසල් වහන්නේ නෑ..වහන්න විදිහක් නෑ. විභාග තියා ගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරනවා ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගයීමට ලක්වෙන්නේ කියලා චක්‍රලේඛයකින්. දැනටමත් ගණනය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව දැනුවත් කිරීම් ළලමයින්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් කිරීමක් නෙමෙයි. මෙන්න මේ විෂය කොටස් ඇගයීමට ලක්වෙනවා කියලා."

views

1011 Views

Comments

arrow-up