ලබන කන්නයේ සිට දේශීය විශේෂඥයන් නිෂ්පාදනය කළ කාබනික පොහොර නිසි ප්‍රමිතියෙන් ගොවීන් අතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

ලබන කන්නයේ සිට දේශීය විශේෂඥයන් නිෂ්පාදනය කළ කාබනික පොහොර නිසි ප්‍රමිතියෙන් ගොවීන් අතට

ලබන කන්නයේ සිට දේශීය විශේෂඥයන් නිෂ්පාදනය කළ කාබනික පොහොර නිසි ප්‍රමිතියෙන් ගොවීන් අතට

දේශීය කෘෂිකර්ම  විශේෂඥයින් විසින් පර්යේෂණ පවත්වා සොයාගත් කාබනික පොහොර එළඹෙන කන්නයේ සිට ගොවීන්ට බෙදා හැරීමට කටයුතු කරන බව  කෘෂිකාර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

 

පර්යේෂණ මගින් සාර්ථකත්වය අත් කරගත් මෙම කාබනික පොහොර නිසි රෙගුලාසි යටතේ නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සමාගම් තෝරාගැනීමද ඉදිරියේදී සිදු කරනු ඇත.

 

මීට අමතරව වගාව සදහා අවශ්‍ය වන පලිබෝධනාශක යම් සීමාවකට යටත්ව ආනයනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ විසින් සමාගම සඳහා අවසර ලබා දී තිබෙනවා.

 

ඒ අනුව අවශ්‍ය පලිබෝධනාශක  මේ වන විටත් මෙරට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

views

759 Views

Comments

arrow-up