සිරිල් ගාමිණී පියතුමන් CIDය මගහැරීමට විරුද්ධව නිලධාරීන් අධිකරණයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති සිරිල් ගාමිණී පියතුමන් ඒ සඳහා නොපැමිණීම පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෝසමක් මාර්ගයෙන් අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කර ඇති අතර රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාල ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිරිල් ගාමිණී පියතුමන් විසින් මේ වනවිට අවස්ථා දෙකකදී මඟ හැර තිබෙනවා.
රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතු වලට අවනත නොවීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදකි.
ඒ අනුව රාජ්‍ය නිලධාරියෙකුගේ නියෝගයට අවනත නොවීම සම්බන්ධයෙන් පියතුමා ට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඉන්පසු එම පැමිණිල්ල සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දීමට නියමිතයි.
921 Views
Comments