ත්‍රිරෝදරථයක් අඩි 100ක ප්‍රපාතයකට වැටෙයි

මස්කෙලිය පොලීසිය වාර්තා කරන්නේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝදරථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි සියයක පමණ ප්‍රපාතයකට වැටී ඇති බවයි.
ත්‍රිරෝදරථයේ ගමන් ගත් වයස අවුරුදු 03ක කුඩා ළමයකු ඇතුළු සිව්දෙනෙකු අනතුරෙන් බරපතළ තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට යොමුකර තිබේ.
මස්කෙලිය, නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය, හපුගස්තැන්න ප්‍රදේශයේ දී අද (09) පස්වරු 03ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ත්‍රිරෝදරථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇත.
ත්‍රීරෝද රථයේ පැමිණි පිරිස අවමංගල්‍ය උත්සවයකට පැමිණ, එම උත්සවය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මස්කෙලිය නගරයෙන් මිල දී ගෙන තිබෙන අතර ඔවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
පොලිසිය වාර්තා කරන්නේ පිරිස නැවත අවමංගල්‍ය උත්සවයට පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු ව ඇති බවත් ත්‍රිරෝදරථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු ව ඇති බවයි.
216 Views
Comments