බිරිඳ ඝාතනය කළ සැමියාට අට වසරකට පසු ලැබුණු දඩුවම

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියකුට මරණ දඬුවම නියම වී තිබේ.
චෝදනා සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළ පුර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමි තමරා වික්‍රමසේකර මහත්මිය මෙම තීන්දුව ලබා දුන් බව වාර්තා වේ.
අද (26) පුත්තලම මහාධිකරණයේ දී මෙම තීන්දුව ලබා දී ඇති අතර, මරණ දඬුවම හිමි වී ඇත්තේ, නවගත්තේගම, මුල්ලේගම, පන්සල පාරේ පදිංචි මාන්නප්පෙරුම මුදියන්සේලාගේ සුසිල් බණ්ඩාර නොහොත් ගාමිණී යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පුද්ගලයකුටය.
ඝාතනය සිදු කරන අවස්ථාවේ දී සැකකරු 33 වැනි වියේ පසු ව තිබේ.
2015 වසරේ ජුලි 22 දින පවුල් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදු වී ඇත.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට ගොස් සවස නිවසට පැමිණ සිටි මොරගල් පේඩි දුරයාලාගේ තුෂාරි කාංචනා නමැති 27 හැවිරිදි එක් දරු මවක් මෙසේ ඝාතනය වී තිබිණි.
ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරු, නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර ඇත.
ඒ අනුව, වසර අටකට ආසන්න කාලයක් පුරා පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු අදාළ චුදිතයාට විරුද්ධ ව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත්වරිය තීන්දු කර තිබේ.
276 Views
Comments