සෑම සිකුරාදාවකම පැය 2ක් ඩෙංගු මර්දනයට

අද (26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා පවසයි.
ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවත් ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසුවේ, ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානම් ප්‍රදේශවල රෝග නිවාරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37209 ක් මෙරටින් හඳුනා ගෙන ඇති අතර ඉන් රෝගීන් 18,420 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
381 Views
Comments