ප්‍රතිමාවක් නිසා යාපනේ ගැටලුවක්

යාපනයේ පන්නෙයි මාර්ගය අවහිර වීම හේතුවෙන් නාගපූෂණී අම්මාන් ප්‍රතිමාව ඉවත් කරන ලෙස යාපනය අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
මෙම ප්‍රතිමාවට අයිතිවාසිකම් කියන කවරෙකු හෝ සිටී නම් අයිතිය තහවුරු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ නොමැති නම් එම ප්‍රතිමාව ඉවත් කිරීමට සිදුවන බව අධිකරණ නියෝගය උපුටා දක්වමින් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
එම ප්‍රතිමාව ඉවත් කිරීමට අධිකරණය නියෝග ලැබීමත් සමග එය ඉවත් කරන තුරු ඊට ආරක්ෂාව සපයා දීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත් ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් යාපනයේ පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ල වී ඇති බවද වාර්තා වන අතර, මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා කිසිදු ආයතනයකින් අවසර ලබාගෙන නොමැති බව සඳහන් වේ.
259 Views
Comments