ත්‍රිපෝෂ අර්බුදය හේතුවෙන් ළමුන්ගේ ජීවිත අනතුරේ

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ මේ වන විට පවතින ත්‍රිපෝෂ අර්බුදය හේතුවෙන් රට තුළ මන්ද පෝෂණ තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ගේ පෝෂණ ගැටලු වර්ධනය වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
රටේ උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනයාගේ ආහාර උද්ධමනය ද අඩු වී නැති අවස්ථාවක ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ අවුරුදු පහට අඩු දරුවන් සඳහා අමතර ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂ නොලැබීම මන්ද පෝෂණය ඉහළට යාමට හේතුවක් බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.
සාමාන්‍යයෙන් මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මන්ද පෝෂණ ප්‍රතිශතය 50% ක් වන අතර හම්බන්තොට, නුවරඑළිය, ගාල්ල, මාතර, මොනරාගල, කළුතර, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙම ප්‍රතිශතය 50% ද ඉක්මවා ඇති බව සඳහන් වෙයි.
258 Views
Comments