පෞද්ගලික අංශයෙන් ලයිසන් කාඩ්

රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 08 ක් පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇත. මේ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියා සිටියේ දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා මෙම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවයි.
නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් දැරීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150 ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය සිදුකිරීම ට නියමිතයි.
283 Views
Comments