අධික ලෙස බිමත්ව සිටි තරුණයෙක් හඳුන් දිවියෙක් බේරා ගැනීමට ගොස් අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

අධික ලෙස බිමත්ව සිටි තරුණයෙක් හඳුන් දිවියෙක් බේරා ගැනීමට ගොස් අනතුරේ

අධික ලෙස බිමත්ව සිටි තරුණයෙක් හඳුන් දිවියෙක් බේරා ගැනීමට ගොස් අනතුරේ

දිඹුල පතන පොලීසිය පැවසුවේ හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයායේ කපා තිබු ගැඹුරු වලකට වැටි සිටි හඳුන් දිවියෙකු බේරා ගැනිමට ඊයේ දින එම වලට බැස උත්සාහ කල තරුණයෙකුට හඳුන් දිවියා පහර දි තුවාල සිදු කර ඇති බවයි.

 

අධික ලෙස බිමත්ව සිටි තරුණයෙකු එම හඳුන් දිවියා බේරා ගැනීමට උත්සහ කිරිමේදි හඳුන් දිවියා එම පුද්ගලයාට පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇත.

 

ගොදුරු සොයා පැමිණි හඳුන් දිවියෙකු ගැඹුරු වලකට වැටි සිටින අයුරු දුටු ප්‍රදේශවාසින් ඒ බැව් දිඹුල පතන පොලීසියට දැනුම් දි තිබියදී මෙම තරුණයා දිවියා බේරාගැනීමට ගොස් ඇති බව වාර්තා වේ.

 

පහරදීමෙන් තුවාල ලැබු තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

 

නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් වලෙහි වැටි සිටින හඳුන් දිවියා බේරා ගැනිමට පියවර ගෙන තිබුණා

views

268 Views

Comments

arrow-up