ඉන්ධන හිඟයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

ඉන්ධන හිඟයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව වැසෙයි

ඉන්ධන හිඟයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව වැසෙයි

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ඉන්ධන නොමැතිවීම හේතුවෙන් තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර තිබේ.


මෙම තත්වය මත උක්ගස් රැගෙන නොඑන ලෙසට ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බවත් පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග පැවසීය.


කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී තිබෙන්නේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයකිනි.


දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍යවන නමුත් මේ වනවිට ඩීසල් නොලැබෙන බැවින් තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා තිබේ. 


අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවීමටද පාලනාධිකාරිය තීරණයකර ඇත.

views

354 Views

Comments

arrow-up