රුසියාව සහ අමෙරිකාව අතර ගැටුමක්

රුසියාව සහ අමෙරිකාව අතර මේ දිනවල ඇත්තේ දැඩි මත ගැටුමකි.
ඒ, යුක්‍රේන අර්බුදය හේතුවෙනි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී එම මත ගැටුම උච්චතම අවස්ථාවට එළඹී බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති අර්බුදය සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබුණි.
දෙපාර්ශවයේ තානාපතිවරු එම හමුවේදී අවලාද නගමින් චෝදනා කරමින් එකිනෙකා බැනගත් බව සඳහන් වෙයි.
661 Views
Comments