තුන්කොන් පෙම නිසා ඇතිවූ සටනෙන් දළ පූට්ටුවාට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

තුන්කොන් පෙම නිසා ඇතිවූ සටනෙන් දළ පූට්ටුවාට බරපතලයි

තුන්කොන් පෙම නිසා ඇතිවූ සටනෙන් දළ පූට්ටුවාට බරපතලයි

තුන්කොන් ප්‍රේමයක් මුල් කරගෙන කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවාට කැකිරාව මිරිස්වත්ත කැලෑබද ප‍්‍රදේශයේ රැඳී සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

 

ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ඇතිව අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුලු‍ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ප‍්‍රතිකාර කටයුතු කරනු ලබයි.

 

මින් දින කිහිපයකට පෙර එම ඇත් පොරය සිදුවී ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි. 

 

හඳුනා නොගත් ඇතාගේ පහරදීමෙන් බරන ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල සිදුව ඇති අතර තුවාල ලත් ඇතාගේ දළ යුගලයේ කෙලවර කතිර හැඩයට එකිනෙක මත පිහිටා තිබීම නිසා සටන්වලදී මෙම ඇතාට එය අවාසියක් වී තිබෙන බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි.

 

මෙලෙස තුවාල ලැබූ දළ පූට්ටුවා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන් පිටව ගොස් සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ.

views

759 Views

Comments

arrow-up