විදුලිය කප්පාදු කරන පැය ගණන තවත් ඉහල යන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

විදුලිය කප්පාදු කරන පැය ගණන තවත් ඉහල යන ලකුණු

විදුලිය කප්පාදු කරන පැය ගණන තවත් ඉහල යන ලකුණු

රටතුළ දැනට පවතින පැයක විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 04ක් දක්වා වුවත් ඉහළ යා හැකි බවත් විදුලි නිෂ්පාදනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබාදී තිබුණු ඉන්ධන මේවන විට අවසන් බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් සඳහන් කළේය.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙක් නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කිරීමට විරෝධය පළකරමින් විදුලි ඉංජිනේරුවන් 500ක් පමණ අද දිනයේ ලෙඩ නිවාඩු දැමූ බව කී එම නිලධාරියා ජනතාවට සහ රටට බලපෑමක් නොවන ලෙසින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බවද පැවසුවේය.

 

ඉන්ධන ගැටලුව සහ ඉංජිනේරු සංගමයේ විරෝධය මත විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

views

758 Views

Comments

arrow-up