ගෑස් ගෙන්වීමේදී ගුණාත්මක බව පරීක්ෂා නොකරන බව ඇමති පිලිගනී - සංයුතිය වෙනස් කරාද?

ගෑස් මෙරටට ඇතුළු කර ගැනීමේදී ගුණාත්මක වශයෙන් පරීක්ෂා කිරීමක් සිදු නොකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේ දී පිළිගෙන තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ඇතිවූ සංවාදය දී ඔහු කියා සිටියේ මෙරටට HS code 7,800කින් භාණ්ඩ ආනයනය කරන අතර ඒවායින් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ 1,200ක් පමණක් බවයි.
මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙහිම සාම්පල ගුණාත්මකභාවය සහ සංයුතියේ පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙනවා.
ඒවායේ ප්‍රතිඵල අද සවස නිකුත් නිකුත් වීමට නියමිතයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
"මීට මාස කිහිපයකට පෙර ලිට්‍රො සමාගම ලීටර් 18 ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළා. එම සමාගම ඒ වෙලාවේ කිව්වා 12.5kg සිලින්ඩරයේ ගෑස් සංයුතිය තිබෙන්නේ ප්‍රොපේන් 30%ක් සහ බියුටේන් 70%ක් විදිහට කියලා."
"ඒ අනුව එම සංයුතියේ ධාරිකාවයට වඩා වැඩියෙන් ලීටර් 18ක් බවට පත්කරලා ප්‍රොපේන් 50%ක් සහ බියුටේන් 50%ක් ලෙස සංයුතිය සකස් කිරීමෙන් තාප ධාරිතාව වැඩිකර ගන්න පුළුවන් කියලා කිව්වා. අපි ඒක අහලා නිකන් හිටියේ නෑ. මොරටුව විශ්වවිද්‍යාලයට කතා කරලා මේ පිළිබඳව ගණනයක් කළා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙත් ගණනයක් කළා."
"එහෙම කරලා කිව්වා රසායනාගාර විදිහට අපිට කියන්න පුළුවන් කමක් නෑ, 12.5kg ලීටර් 18 බවට පත්කිරීම තුළින් තාප ධාරිතාවය වැඩිවීමක් වෙන්නේ නෑ. මේකෙ සත්‍ය වශයෙන්ම තියෙන්නේ කිලෝග්‍රෑම් 9.5ක ප්‍රමාණයක් පමණයි කියලා කිව්වා."
"මේ වනවිට සමාගම් දෙකේම සාම්පල් අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යොමු කරලා තියෙනවා. අද සවස 5ට ඒ ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතිය පිළිබඳ වාර්තා අපිට ලැබෙයි."
"අපේ රටට HS Code 7,800කින් භාණ්ඩ ඇතුළු වෙනවා. පරීක්ෂාවට ලක් කරන්නේ 1,200යි. අනෙක් කිසිදු භාණ්ඩයක් අපි ගුණාත්මක වශයෙන් පරීක්ෂා කරලා නෙමෙයි ඇතුළු කරගන්නේ. මේවත් ඒකට ඇතුළත් වෙනවා."
933 Views
Comments